වනාන්තර 16ක් රක්ෂිත ලැයිස්තුවට

user 16-Jul-2025 විශේෂ Views: 189

වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් ඊයේ සිට  රක්ෂිත ලෙස ගැසට් කෙරිණ.

මේ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කවල   රජයේ වනාන්තර  රැසක්   මෙලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

රක්ෂිත ලෙස ගැසට් කර ඇති  වනාන්තර මෙසේය

මොනරාගල  දිස්ත්‍රික්කය

මොණරාගල අඩවියේ - ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තර

සියඹලාණ්ඩුව අඩවියේ - අඹත්තාහෙල රජයේ වනාන්තරය

වැල්ලවාය අඩවියේ - කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තර

අම්පාර දිස්ත්‍රික්කය

අක්කරපත්තුව අඩවියේ - පාලකුඩා කඩොලාන වනාන්තරය
අම්පාර අඩවියේ - කරංගාව රජයේ වනාන්තරය
මහඔය අඩවියේ - බදුලුගොඩ රජයේ වනාන්තරය
ලාහුගල අඩවියේ - පානම උතුර රජයේ වනාන්තරය 

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර අඩවියේ - රිලාගල සහ රජගල රජයේ වනාන්තර

ඒ අනුව, මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට  ප්‍රකාශයට පත් කර තිබේ.

Related Post

Popular post