ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ගාසාහි 11ක් මරුට

user 16-Feb-2026 එතෙර Views: 88

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දෙකකින් 11දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ උදෑසන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ කූඩාරම් සහිත කඳවුරක් වෙත එල්ල වූ එක් ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 6දෙනෙකු මියගොස් ඇති අතර ගාසා තීරයේ දකුණු පෙදෙසට එල්ල වූ තවත් ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 5දෙනෙකු මියගොස් ඇත.

කෙසේවෙතත් හමාස් සංවිධානය මගින් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ 10වනදා සිට ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද එතැන් සිට මේ දක්වා දෙපාර්ශවය විසින්ම එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Related Post

Popular post