සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා (Anthony Joshua) සහ ප්‍රකට යූටියුබ් තරුවක වන ජේක් පෝල් (Jake Paul) අතර පැවති දැවැන්ත බොක්සිං තරගයෙන් 6 වැනි වටයේදී ජේක් පෝල්ව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට ජෝෂුවා සමත්ව තිබෙනවා.
මියාමි හි කසෙයා මධ්‍යස්ථානයේ (Kaseya Center) පැවති මෙම තරගය ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් නෙට්ෆ්ලික්ස් (Netflix) ඔස්සේ සජීවීව නරඹා තිබෙනවා.
තරගය ආරම්භයේ සිටම ජෝෂුවා ප්‍රබල ප්‍රහාර එල්ල කළද, ජේක් පෝල් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් තරගයේ ඉදිරියට යාමට උත්සාහ කළා.
කෙසේ වෙතත් 6 වැනි වටයේදී ජෝෂුවා එල්ල කළ ප්‍රබල ප්‍රහාරයකින් (Right hand) පෝල් බිම ඇද වැටුණු අතර තරගය එතැනින් නිමා වුණා.
තරගයෙන් පසු රෝහල් ගත කළ ජේක් පෝල්ගේ හකු ඇටය (Jaw) ස්ථාන දෙකකින් බිඳී ඇති බවත්, ඔහු සැත්කමකට භාජනය කල බවද සඳහන්.
සිය ජයග්රහණයෙන් පසු අදහස් දැක්වූ ජෝෂුවා, ලබන වසරේදී ටයිසන් ෆියුරි (Tyson Fury) සමග තරග වැදීමට සූදානම් බව පැවසුවා.
"මෙය මගේ හොඳම දක්ෂතාවය නෙවෙයි. ජේක් පෝල්ව මෙල්ල කර ඔහුට හානි කිරීමයි මගේ අරමුණ වුණේ. ඒකට බලාපොරොත්තු වූවාට වඩා කාලයක් ගියා. අවසානයේදී මගේ දකුණු ප්‍රහාරය නියම ඉලක්කයට වැදුණා." ඔහු පැවසුවා.
මෙම තරගය වෙනුවෙන් ජෝෂුවාට පවුම් මිලියන 210ක පමණ මුදලක් හිමිවන බවයි වාර්තා වන්නේ.
ජේක් පෝල් පරාජය වුවද, හිටපු ලෝක ශූරයෙකුට එරෙහිව 6 වැනි වටය දක්වා තරගය රැගෙන යාම පිළිබඳව ක්‍රීඩා විචාරකයින්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.