කොළඹ 10 ශ්‍රී සංඝරාජ මාවතේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හමුදා බුද්ධි අංශ දැලේ..!

user 07-Nov-2026 විශේෂ Views: 15

හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ මරදාන පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී රුපියල් 197,000.00ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මෙම වැටලීම (06) වන දින ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි නිවස තුළ සිදුකර ඇති අතර, එහිදී හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 850ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Related Post

Popular post