මාරක අනතුරකින් පුද්ගලයෙකුගේ දිවි අහිමි වෙයි

user 13-Oct-2025 විශේෂ Views: 173

මාරක අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කර ඇත්තේ මෙම අනතුර ඊයේ (12) දිනයේදී පුනරීන් ප්‍රදේශයෙදි සිදුව ඇති බවය.

ඒ අනුව පුනරින් පොලිස් වසමේ පරන්තන් පුනරීන් ප්‍රධාන මාර්ගයේ 20 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක ගැටී තිබේ.

අනතුරින් පසු අදාළ වාහනය නොනවත්වා ධාවනය කර පලා ගොස් ඇති අතර අනතුරට පත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය. 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 82ක් වූ පුනරීන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සිදුකළ වාහනය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පුනරීන් පොලීසිය විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related Post

Popular post