සෝමාවතිය – සුංගාවිල මාර්ගය යළි ගමනාගමනයට විවෘත කෙරේ

user 26-Dec-2025 විශේෂ Views: 105

ගංවතුර හේතුවෙන් ගමනාගමනය නවතා තිබුණු සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 08 කට පසුව යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයෙන් යට වී තිබුණු අතර, ඒ හේතුවෙන් රථවාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණා.

ජලය බැස යාමත් සමග, ඊයේ (25) පස්වරුවේ සිට සෝමාවතිය පුදබිමට යන මාර්ගය මෙසේ විවෘත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related Post

Popular post