ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

user 25-Aug-2025 විශේෂ Views: 169

ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 03දා නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව ඊයේ (24) දිනයේදී වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස් වසම්වලදී විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරුක් මත අපරාධයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී අපරාධය සඳහා පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරුය.

ඒ සමගම ඔවුන් ඝාතනය සඳහා ඔවුන් යොදා ගනු ලැබූ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 47 වැනි වියේ පසුවන වැල්ලම්පිටිය හා පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම අපරාධය විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධව අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Post

Popular post