ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකෙරේ

user 09-Aug-2025 විශේෂ Views: 182

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ නිමාව සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් මහවැලි ගඟේ ගැටඹේ තොටුපොළේදී සිදු කෙරුණි.

අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර සිව්මහා දේවාලයන්හි පෙරහර සමග ගැටඹේ මහවැලි ගං තොටදී මෙම දිය කැපීමේ චාරිත්‍රය ඉටුකරනු ලැබීය.

දියවඩන නිලමේ ප්‍රධාන සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් විසින් සම්ප්‍රදානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු මෙවර ඇසළ මහ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වේ.

Related Post

Popular post