සත්තුන්ට ඇටවූ තුවක්කුව තමන්ටම පත්තුවෙයි

user 19-Jun-2025 විශේෂ Views: 196

සතුන් දඩයම් කිරීම සඳහා බඳින තුවක්කුවක් ඇටවීමට යාමේදී කලින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයකු ඊයේ (18) මිය ගොස් ඇතිබව සියඹලා ආණ්ඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සියඹලාන්ඩුව, ගලයාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා සියඹලා ආණ්ඩුව, සූරියතලාව හේන් යායක් මැදින් ගමන් කිරීමේදී මෙම බඳින තුවක්කුව පත් වී ඇති බවත් එම බඳින තුවක්කුව ඔහු විසින්ම ඇටවූවක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

Related Post

Popular post