නිවසක වළ දමා තිබූ මත්ද්‍රව්‍ය තොගයකු සමග තරුණයෙක් අත්අඩංගුවට

user 07-Nov-2026 විශේෂ Views: 13

හෙරොයින්, අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත මිරිහාන පොලිස් වසමේ මාදිවෙල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක් අතරතුර මෙම මත්ද්‍රව්‍ය තොගය සැකකරුගේ නිවසේ තැන්තැන්වල වළදමා තිබියදී සොයාගැනීමට සමත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙහිදී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 649ක්, අයිස් කිලෝ 2යි ග්‍රෑම් 109ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 558ක් සොයාගැනීමට හැකිවූ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25ක් වන මාදිවෙල, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.  

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Post

Popular post