පානදුර හෝටලයක සයිබර් මූල්‍ය වංචාවක නිරත වූ චීන ජාතිකයින් 32ක් මාට්ටු

user 07-Nov-2026 විශේෂ Views: 9

පානදුර Jai Jai Beach Hotel හි රැඳී සිටිමින් ජංගම දුරකථන සහ පරිගණක තාක්ෂණය යොදාගනිමින් මහා පරිමාණ සයිබර් මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකකෙරෙන චීන ජාතිකයින් 32 දෙදෙනෙකු හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පානදුර පොලීසිය එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී පරීක්ෂාවට ලක්කර තිබේ. (06) වන දින මෙම වැටලීම සිදුකර ඇත.

මෙහිදි අදාළ චීන ජාතිකයින්ගේ ගමන් බලපත්‍ර සහ වීසා පරීක්ෂා කිරීමේදී, 13 දෙනෙකු සතුව වලංගු විදේශ ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර සන්තකයේ තිබී ඇති අතර, තවත් 06 දෙනෙකු ළඟ ගමන් බලපත්‍රය තිබුණද වීසා බලපත්‍රය විද්‍යුත් වීසා බලපත්‍ර ලෙස දුරකථනයේ පමණක් තිබී ඇත. එසේම ඉතිරි චීන ජාතිකයින් 13 දෙනා සතුව විදේශ ගමන් බලපත්‍රය හෝ වීසා බලපත්‍රය නොමැති අතර, විද්‍යුත් වීසා බලපත්‍රය පිටපතක් පමණක් දුරකථනයේ තිබී හඳුනාගෙන තිබේ.

මෙම සැකකරුවන් පිළිබඳ සියලු විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර, අදාළ නිලධාරීන් සමඟ එක්ව අත්අඩංගුවට ගැනීම් සහ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

Related Post

Popular post