යාපනයේ ප්‍රදේශ කිහිපයක රුපියල් කෝටියකට අධික රත්‍රං සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

user 23-Aug-2026 විශේෂ Views: 53

යාපනය ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුවූ රත්‍රං ආභරණ සොරකම් සිද්ධීන් කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට චාවකච්චේරි පොලිසිය සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී ප්‍රථමයෙන් බොම්මවේලි ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව කාන්තාවක ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද රත්‍රං ආභරණවල මුළු වටිනාකම රුපියල් එක්කෝටි එක්ලක්ෂ හැත්තෑදහසක් වන බව පොලිසිය ප්‍රකාශ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related Post

Popular post