ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.
පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඒ මහතා අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුණි.
ඒ අනුව අදාළ පරීක්ෂණය සඳහා ඒ මහතා අද දිනයේදී මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ ඇත.
පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.