සැකකරු රැගෙන ගිය පොලිස් ත්‍රිරෝදයට ගසක් කඩා වැටිලා

user 02-Aug-2026 විශේෂ Views: 60

මත්තල පොලිසියෙන් අත්අඩංගුවට ගත්  සැකකරුවෙකු ත්‍රිරෝද රථයකින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය රැගෙන යමින් සිටියදී සූරියවැව වැවේගම ප්‍රදේශයේදී මාර්ගයේ අයිනේ තිබූ ඉඹුල් ගසක්  ත්‍රිරෝද රථය මතට කඩා වැටී ඇතැයි පොලිසිය පැවසීය .

ගස කඩා වැටීමෙන් ත්‍රිරෝද රථයට හානි සිදුවී ඇත.

රථයේ ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් සැකකරු , ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කල පොලිස් කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක නිළධාරියකු ගමන් කර ඇතැයි පොලිසිය පැවසීය . ගස කඩා වැටීමෙන් ත්‍රිරෝද රථය තුල සිටි කිසිවකුට හෝ තුවාල සිදුවී නැත.

Related Post

Popular post