ආගමන විගමන තාක්ෂණ ලොක්කා CID දැලේ

user 14-May-2026 විශේෂ Views: 116

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පාලක, තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන කේ. හේරත් නැමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් 'User Management Module' නැමැති මෘදුකාංගය ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9,831,250 ක මුදලක් ගෙවා තිබියදී, එම මෘදුකාංගය ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංගය ලබානොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබාගැනීමට කටයුතු කිරීම ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනා බව සඳහන් වේ.

පොලීසිය සඳහන් කරන පරිදි, මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලැබී ඇති චෝදනා මතය.

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීන්ෂණ පවත්වයි.

Related Post

Popular post