ජල ගැල්මෙන් හානි සිදුවූ පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ පවුල් 199කගේ නිවාස සුද්ධ පවිත්‍ර කර ගැනීමට රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදුන්නා.
බොහෝ ප්‍රදේශවල මේ වන විටත් මෙම දීමනාව ලබාදී තිබෙනවා.
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග අබන්ගගේ ජල මට්ටම ඉහළ ගියා.
ඒ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 199ක් ජල ගැල්මට හසුවුණා.
එම පිරිසට නිවාස ශූද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා රුපියල් 25000 දීමනාව ලබාදිම ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් රත්නසිරි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.