ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

user 12-Dec-2025 විශේෂ Views: 138

ඊයේ (11) මාන්කුලම් පොලිස් වසමේ ඒ 09 මාර්ගයේදී  ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාන්කුලම් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු ගංජා කිලෝ ග්‍රෑම් 92 ග්‍රෑම් 50ක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී මෙම ගංජා ප්‍රවාහනය සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 25 හා 26 වයස්වල පසුවන වව්නියාව හා මරදන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Related Post

Popular post