තෙල් නැවක් කොල්ලකෑ බවට වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා

user 11-Dec-2025 එතෙර Views: 104

ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් කොල්ල කා ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කරයි.

ඇමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය මෙම චෝදනාව සිදුකර ඇති බව සඳහන්ය.

වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ නෞකාව සිය භාරයට ගෙන තිබුණි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට සහාය දක්වන නීතිවිරෝධී තෙල් නැව් ජාලයට සම්බන්ධ නෞකාවක් ආරක්ෂක මෙලෙස සිය භාරයට ගෙන ඇති බව අමෙරිකාව පවසයි.

Related Post

Popular post