ශ්‍රීලනිප පළාත් පාලන සභිකයින් කිහිප දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවයි

user 20-Nov-2025 දේශපාලන Views: 146

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, පක්ෂයේ දැනුවත් කිරීම්, ලබා දී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව ගොස් 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජනබලවේගයට සහයෝගය ලබා දුන් හේතුව නිසායි.

 



ඒ අනුව, පදියතලාව ප්‍රාදේශීය සභාවේ වීරසිංහ දර්ශන විතානගේ, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මොහොමදු නසීර් මුහම්මදු රිනොස්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඒ.ඒ. අනුර කුමාර, මාරසිංහ ආරච්චිගේ අමිල් එරංග සහ රතුගමගේ උමේෂා රශ්මි මල්ෂානි යන අයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

තවද, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වගලන්ගේ අතුල කුමාර වහලත්, බාලසුරිය මුදියන්සේලාගේ අනුර කුමාර සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පී.කේ සුමේද ලක්මාල් යන අයගේ ද මෙලෙස පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරන්නේ.

එමෙන්ම මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව වාර්තා කර ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

Related Post

Popular post