ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද

user 29-Aug-2025 කෙලිබිම Views: 213

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය අද (29) පැවැත්වේ.

හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 1ට ආරම්භවීමට නියමිතය. 

මෙම තරගාවලියට එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් ඇතුළත්.

ඒ අනුව දෙවන එක්දින තරගය එළැඹෙන 31වනදා පැවැත්වීමට නියමිතය.

දෙරට අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

Related Post

Popular post