මාළු දැලක පැටලී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් වාරි ඇලක තිබී ඊයේ (10) හමුවූ බව තඹුත්තේගම පොලිසිය පවසනවා.
මෙම ජීව අත්බෝම්බය ගැන තොරතුරු හදිසි ඇමතුම් අංක119 වෙත ලැබූ තොරතුරක් මත පොලිසිය ගොස් පරීක්ෂා කිරීමේදී ජීව අත් බෝම්බයක් බවට පොලිසිය සොයාගෙන තිබෙනවා.
රාජාංගනය වැවේ සිට රාජාංගනය යාය තුන හරහා යාය හතර ප්රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාදෙන ප්රධාන ඇල මාර්ගයයේ වීසි දැලක ආධාරයෙන් මාළු අල්ලමින් සිටි පුද්ගලයින් හතර දෙනකුට මාළු දැලේ පැටලී මෙම ජීව අත් බෝම්බය හමු වූ බවයි තඹුත්තේගම පොලිසිය පවසන්නේ.
මෙම වාරි ඇළට සමගාමීව ප්රධාන මාර්ගයද ඒ හා සමානව පිහිටා ඇති බැවින් යම්කිසි හේතුවකින් මෙම බෝම්බය පිපිරි යාමක් සිදු වුණා නම් නොසිතන ආකාරයකට ජීවිත හානි සිදුවීමටද ඇතිි බවයි පොලිසිය පවසන්නේ.
මාළු අල්ලමින් සිටි පුද්ගලයෙක් හතර දෙනා ඊයේ උදෑසන සිටම රාජංගනය යාය හතර ප්රදේශයට ගොවිතැන් සඳහා ජලය ලබාදෙන වාරි ඇලේ වීසි දැලක් යොදා ගනිමින් මාළු අල්ලමින් සිට තිබෙනවා.
පැය දෙකක කාලයක මාළු අල්ලෙමින් සිටියදී වීසි දැලට විශේෂ දෙයක් පැටලී ඇති බවට මාළු අල්ලමින් සිටි පිරිස දැක ගන්නට ලැබී ඇති බව සඳහන්.
අනතුරුව ඔවුන් විශේෂයෙන් සොයා බලද්දී එය අත්බෝම්බයක් බව සැකකර හදිසි අමතුන් අංකයට දැනුම් දීමක් කර තිබෙන බවයි තඹුත්තේගම පොලිසිය පවසන්නේ.
අනතුරුව වහා ක්රියාත්මක වුණ තඹුත්තේගම පොලිසිය අනුරාධපුර උලුක්කුලුම පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ප්රිය අංශයේ නිලධාරීන් කැඳවා තිබුණා.
ලුක්කුලම කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා කර එය ජීව අත් බෝම්බයක් බවට තහවුරු කර එම ජීව අත් බෝම්බය රාජාංගනය යාය තුන "ලුණුඔය" ජනසූන්ය ප්රදේශයකට රැගෙනවිත් නිශ්ක්රීයකර ඇති අතර
විදේශ රටක නිෂ්පාදිත මෙම "SFG 87" ජීව අත් බෝම්බය දින කිහිපයකට පෙර මෙම වාරි ඇළට දමා ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පවසන්නේ.