මිනුවන්ගොඩදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට!

user 10-Aug-2025 විශේෂ Views: 190

ගම්පහ, මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නරුව ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු සිකුරාදා (08) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 

කොනහේන පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු රහසිගත තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරුගෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 01.66 ක් සහ අයිස් ග්‍රෑම් 308 ක් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය. 

සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related Post

Popular post