ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි

user 04-Aug-2025 විශේෂ Views: 204

මාරවිල, මුදුකටුව වෙරල තීරයේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මාරව්ල රෝහලට ඇතුලත් කිරිමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related Post

Popular post