අනුරාධපුර – ශ්‍රාවස්ත්‍රිපුර ප්‍රදේශයට නිරන්තරව ගම් වදින වන අලි හේතුවෙන් එම ප්‍රදේශයේ බව බවභෝගවලට පමණක් නොව එම ජනතාවගේ ජීවිත අවදානමකට ද මුහුණ දීමට සිදුව ඇති බව එම ගම්වාසීන් පවසනවා.
වන අලි රංචු වශයෙන් ගම්මානයට කඩා වැද ප්‍රදේශයේ කුඹුරු , පොල් සහ කෙසෙල් වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවත් එම රංචුවෙන් වෙන් වූ එක් වන අලියෙකු විසින් ප්‍රදේශයේ ගෙවතු වලටද කඩා වැදී එහි බව භෝග ද විනාශකර දමන බවයි ගම්වාසීන් පවසන්නේ.
මෙම වන අලි ගම් වැදීම හේතුවෙන් සවස් කාලයේදී හදිසි රෝගියකු රෝහල් ගත කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වත්මන් රජයේ කඩිනම් අවධානය යොමුකර වන අලි ගම්වැදීමට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.