පොළොන්නරුව මින්නේරිය රත්මලේ රක්ෂිතයේ අද අළුයම ගින්නක් හට ගත්තා.
කිසියම් පුද්ගලයෙකු ගිනි තැබීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
ගින්නෙන් අක්කර දෙකහමාරක් පමණ විනාශ වී තිබෙනවා.
අළුයම 3.40ට පමණ හටගත් ගින්න නිවීම සඳහා පැය දෙකහමාරකට අධික කාලයක් ගත වුණා.
පොලිසිය, ප්රදේශවාසීන් සහ පොළොන්නරුව ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා.