අධි සංවේදී ස්කෑනරයක් සමඟ 7ක් අල්ලයි

user 29-May-2025 විශේෂ Views: 227

අධි සංවේදී ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සිලාවතුර ප්‍රදේශයේ කැබ් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය පවසයි. 

සැකකරුවන් ගමන් ගත් කැබ් රථය ද පොලිසිය භාරයට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 ත් 60 ත් අතර වයසේ පසුවන සුරියවැව, පුත්තලම, කනගරායන්කුලම, මාන්පුරී, පුදුකුඩිඉරිප්පු, තබ්බොව හා සිලාවතුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මෙම ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් විසින් නිදන් හෑරීම සහ යුද කාලයේ වළ දැම්මයි කියන රන් සෙවීම සඳහා  යොදා ගත්තේ ද යන්නපිළිබඳව විමර්ශන සිදු කෙරේ. 

Related Post

Popular post