දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇති බව කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය වේ.
එමෙන්ම 17 වැනි වගන්තිය සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා මෙහිදී නිවේදනය කළේය.