tnws

  යුද මුක්ත කලාපය
 යුද මුක්ත කලාපය
No Fire Zone සිංහල පිටපත

  යුද මුක්ත කලාපය
No Fire Zone සිංහල පිටපත නමින් පහත දැක්වෙන හැදින්වීමත් සමග අන්තර්ජාලයට Video වක් නිකුත්ව ඇත. පසුගිය යුධ සමය දමිල ප්‍රජාවට වූ අප්‍රමාණ අසාධාරණ කම් පිළිබද නිරන්තරයෙන් හඩ නගන කැලම් මැක්රේ නම් මාධ්‍ය වේදියාට සාමකාමී දිවයිනක කෘෂිකර්මය ජීවිකාව කරගනිමින් ජිවත් වූ අහිංසක ජනසමාජයකට අතීතයේ පටන් එල්ල වූ අකාරුණික තාඩන පීඩන මෙන්ම LTTE නායකත්වයෙන් ආරම්භ වූ කෘරතර සාපරාධි වසර 30ක් කාලසීමාව මේ ලස්සන දිවයිනේ ජීවත්වූ සිංහල දමිල මුස්ලිම් මිනිසුන්ට සිදුවූ අසාධාරනකම් වල අතීතය හඩගා කියාදිය යුතුය. වෙනත් රටවල සරණ පතා ගොස් යටගිය අතීතයක් හාරා අවුස්සමින් ජාතිවාදයට උඩගෙඩි දෙන .. මේ තුලින් ජීවිකාව සරිකර ගන්නට වෙරදරන මිනිසුන්ට කියන්නට ඔබට දෙයක් ඇති ... මේ තිරය වෙන් වන්නේ ඔබ වෙනුවෙනි...
 යුද මුක්ත කලාපය
No Fire Zone සිංහල පිටපත
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය නිදහස ක්‍රමානුකූලව අවහිර කර දැම්මේය. දැන් ලාංකික ජනතාව වෙනත් ආණ්ඩුවක් තෝරා පත් කර ගෙන තිබේ. ඒ, මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවන බව ප්‍රකාශයට පත්කොට ඇති ආණ්ඩුවකි.
ශ්‍රී ලංකාවේ බියකරු යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ දෑ පිලිබඳ සත්‍යය ඉකුත් පාලන තන්ත්‍රය විසින් ශ්‍රී ලංකාවේ මහත් බහුතර ජනතාවගෙන් වසං කරන ලදී. දැන් මේ සිංහල පිටපත නරඹා තමන්ගේම මතයකට පැමිනීමේ අවස්ථාව ඔවුන්ට උදාවී තිබේ. අප මේ පරිවර්තනය ගෙන එන්නේ පෙරට යාම සඳහා ගත යුතු හොඳම මාර්ගය කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව තුල මතුවන ජාතික සංවාදයක් වෙනුවෙන් තොරතුරු මගින් සහාය වීමේ අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් අති බහුතරයකට, සත්‍යය දැනගෙන දණ්ඩ මුක්තිය පිටු දැකීමේ උවමනාව ඇති බවත්, ඉකුත් දශක ගණනාවක බියකරු ලේ වැගිරීම වෙනුවට සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් සොයා ගැනීමේ අවශ්‍යතාව තිබෙන බවත් අපේ විශ්වාසයයි.
මේ දිවයිනේ සකල ප්‍රජාවන්ගේම ප්‍රජාතාන්ත්‍රික උරුමයන් සාක්ෂාත් වී, සංහිඳියාව උදාවී, දිගු කල් පවතින අසාධාරණ කම් වලට දේශපාලන විසඳුම් ලැබී, සාමකාමී ජීවිතයට මග සැලසෙනු ඇත්තේ යුක්තිය ඉටු වූවොත් පමණකි.

මේ චිත්‍රපටිය නරඹන්න. එය බැලීමට ඔබේ මිතුරන් උනන්දු කරවන්න. එය බෙදා හදා ගන්න. බාගත කරන්න. අවශ්‍ය නම්, DVD පිටපත් සකසා බෙදා හරින්න.
 

             




 
ඔබට සිතෙන දේ
 
Most Popular In News
Fearured
 
by 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |