tnws

  උතුරු පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඉල්ලීම් 16 ක් නැවතත් ජනපති තුමා  වෙත භාරදෙයි

 
උතුරු පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2015.03.03 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.

 මෙහිදී පසුගිය රජයට ඉදිරිපත් කර ඉටු නොකළ ඉල්ලීම් නව රජය ක්‍රියාත්මක කල යුතු බව ඉල්ලා සිටිමින් ඉල්ලීම් 16 ක් ඇතුලත් වාර්තාවක් ඊපීඩීපී පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ජනපතිපති තුමා වෙත භාරදී ඇත.

2015.03.03 දින ගරු ජනාධිපති තුමන් වෙත යෝජනාවලිය පිළිගැන්වූ අවස්ථාව

 
 ඉල්ලීම් 16 මෙසේය.
01 දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවට ප්‍රායෝගික මාර්ගයෙන් යාමට 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ආරම්භ කර, එයට අමතරව උතුරු නැගෙනහිර පළාත් වලට විශේෂ බලතල බෙදාදිය යුතුය.

 
යෝජනා පිළිබද ඔබට සිතෙන දේ
 
02 දීර්ඝ කාලයකුත්, විභාග කිරීම් නොමැතිවත්, චෝදනා ඔප්පු නොකරත්, පුනරුත්තාපනය ලබාදීත්, සිරගතව සිටින සියළු දෙමළ දේශපාලන රැඳවියන් පොදු සමාවක් යටතේ නිදහස් කිරීම.
 
03 ජනතාවගේ ඉඩම් ජනතාවටම අයත්ය යන්න අපගේ ස්ථාවරයයි. ආරක්‍ෂක හේතු මත ආරක්‍ෂක කලාප ලෙස නම් කල‍ පෞද්ගලික ඉඩම් සියල්ල ඒවායේ අයිතිකරුවන්ට යලි භාරදීම..
 
04 සරණාගතව ජීවත් වන දෙමළ ජනතාවට මව් බිම වන ශ්‍රී ලංකාවේ පුරවැසියන්ව සිටීමට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම.
 
05 උතුර බලා ගමන් කරන ජනතාවට අපහසුතා ඇති කරන ඕමන්ත සෝදිසි ‍මුරපොල සම්පූර්ණයෙන් ඉවත් කිරීම..
 
06 විදේශිකයින් සහ විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් උතුරු පළාතට ගමන් කිරීම වැලැක්වීම නැතහොත් දුෂ්කරතා ඇති කරන ගුවන් බලපත් පරික්‍ෂා කිරීමේ ක්‍රමය අ‍හෝසි කිරීම.
 
07 යුදමය වාතාවරණයේදි පීඩාවට පත්ව, ආර්ථික තත්වයෙන් පහළ සිටින ජනතාවට හිස එසවීමට උපකාර වන සමෘධි දීමනාව තවත් වැඩිකර, සමෘධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩිකිරීම.
 
08 යුද්ධයෙන් පසු, උපන් ප්‍රදේශ වලට පැමිණි ජනතාවගෙත්, යලි පදිංචි කල ජනතාවගෙත් ආර්ථික තත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීම.
 
09 යුදමය වතාවරණයේදී පීඩාවට පත්ව රැකියා විරහිතව සිටින උතුරු නැගෙනහිර අපගේ තරුණ, තරුණියන්ට සුදුසුකම් වලට අදාල රැකියා ලබාදීම. හැකි සියළු උත්සාහයන් ගෙන රැකියා අවස්ථා තවදුරටත් ඇති කිරීම. පෞද්ගලික ආර්ථික දියුණුවක් යටතේ අපගේ ජනතාව ජීවත්වීම සඳහා වන වාතාවරණය ඇති කිරීම.
 
10 අපගේ මුහුදු සම්පත විනාශ කිරීමත්, සූරාකෑමත් තුලින් අපගේ ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ කිරීම, සිමාව පසුකර පැමිණ ධීවර කටයුතු වල නිරත වන ඉන්දීය ධීවරයින්ගේ උල්ලංඝන වැලැක්වීමත් අපගේ ධීවර රැකියාව නඟාසිටුවීමත් කර, ධිවර කටයුතු නවීකරණය කර අපගේ ධීවරයින්ගේ ජීවිත නඟාසිටුවීම.
 
11 කෘෂිකර්ම, දේශීය නිෂ්පාදන සහ හස්ත කර්මාන්ත යනාදිය දිරි ගන්වා, සෑම අයෙකුටම ස්වයං ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම‍ට මුල්‍ය උපකාර සහ මූල ද්‍රව්‍ය ලබා දීම.
 
12 උල්පත් ජලය අපිරිසිදු වන යාපනය දිස්ත්‍රික්කය ඇතුළු පානීය ජලයට විශාල දුෂ්කරතා ඇති උතුරු පළාතේ සියළු ජනතාවට සුදුසු ක්‍රමවේදයක් තුළින් පිරිසුදු පානීය ජලය ලබාදීම තහවුරු කිරීම.
 
13 කොටි සංවිධානයේ හිටපු සමාජිකයින් ඇතුළු ‍අනෙකුත් සංවිධාන වල හිටපු සමාජිකයින්ටත් ඔවුන්ගේ ජිවනෝපාය ගොඩනඟා ගත හැකි අන්දමේ සැලසුම් අවශ්‍යය.
 
14 පාලන අයිතිය (විශේෂ විධි විධාන) ව්‍යවස්ථා සංශෝධනය සමාලෝචන කළ යුතුය. නැත්නම් උතුරු පළාතේ පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවට පත් වන තත්වයක් ඇත.
 
15 පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර තත්වයට ‍නිර්මාණය කළ යුතුය. අතිතයේදි පලාලි සිට දකුණු ඉන්දියාවට ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක විය.
 
16 යුද්ධයේදී ඥාතීන් අහිමි වුවන්ටත්, පාරම්පරික දේපල අහිමි වුවන්ටත්, පාරම්පරික රැකියා අහිමි වුවන්ටත්, වන්දි සහ සහනාධාර ලබාදිය යුතුය.
 
 

             


 
Most Popular In News
Fearured
 
by 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |