tnws

 උතුරු පළාත් සභාව සම්මතකරගත් යෝජනා 22

  උතුරු පළාත් සභාව මගින් යෝජනා 22 ක් සම්මත කරගෙන තිබුනි.
එමානුවේල් පියනමගේ ගෝලීය ද්‍රවිඩ සංසදය, රුද්‍රකුමාරන්ගේ අන්තර්වාර ඊළාම් ආණ්‌ඩුව සහ තෙදියවන්ගේ ද්‍රවිඩ ඊළාම් කමිටුව ඇතුළු සංවිධානවල තහනම ඉවත් කළ යුතු බවට පළාත් සභා මන්ත්‍රී ජී. සිවාජිලිංගම් එකී යෝජනාව ඉදිරිපත් කර ඇත.
 සම්මත කරගත් යෝජනා 22ක මෙසේය.
01 වව්නියා සිදම්බරම්පුරම් සුභ සාධන කඳවුරේ සිටින ජනතාව, එම ස්ථානයේම ඉඩම් බෙදාදී යලි පදිංචි කළ යුතුයි.
 
02 යාපනය මහනගර සභාවේ නිල කාලසීමාව අවසන්වී ඇති අවස්තාවක, නිල කාලය වසරකට දීර්ග කර ඇත. මෙවැනි පසුබිමකදී, නීත්‍යානූකූල නගර සභා මැතිවරණයක් කඩිනමින් පැවැත්විය යුතුයි.
 
03 යාපනය විශ්ව විද්‍යාලයේ ඇතැම් අධ්‍යාපන අංශ වව්නියාවේදී පවත්වා ඇත. මේ වනවිට එය නතර කර ඇත. එය යළි ආරම්භ කළ යුතුයි.
 
04 හමුදාව, පොලීසිය සහ හමුදා බුද්ධි අංශ නීති විරෝධී ලෙස, යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කල යුතුයි.
 
05 උතුරු පළාත් සභාවට අයත් සියලු ආයතන දේශපාලන මැදිහත්වීමකට ඔබ්බෙන්, ස්වාධීන ගිණුම් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන මෙන්, උතුරු පළාත් ගිණුම් පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
06 උතුරු පළාතේ පැවැත්වෙන වැඩසටහන් වලදී ජාතික ධජය සමග පළාත් ධජයත් එසවිය යුතු බවත්, දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ යුතු බවත් නිවේදනය කළ යුතුයි.
 
07 උතුරු පළාතේ නම් වෙනස් කළ සියලු ග්‍රාමයන් සහ මාර්ග වල නම් යළි අපගේ ප්‍රධාන නම් වලට අනුව වෙනස් කළ යුතුයි.
 
08 උතුරු පළාත කරා පැමිණෙන දුම්රිය, මාන්කුලම් වල ස්ථාපිත කර ඇති දුම්රිය ස්ථානයේ නතර නොකරයි. එම දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා රජයේ ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
09 මුලතිව් කලා හා සංස්කෘතික ශාලාව ඉදිකරන මෙන්, ශ්‍රී ලංකා රජයේ කලා හා සංස්කෘතික අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
10 මුලතිව් වල ගුරුවරු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් සහ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකර දෙන මෙන්, ශ්‍රී ලංකා රජයේ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
11 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන මෙන්, පාලක පක්ෂය සහ විපක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
12 ප්‍රාදේශීය රා වෙළඳ පොළ වර්ධනය කරන මෙන්, සමූපකාර සංගමයෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
13 2009 වර්ෂයේදී අවතැන්වී යළි පදිංචි කළ ජනතාවට ලබානොදෙන ප්‍රතිලාභ ලබාදෙන මෙන්, ශ්‍රී ලංකා රජයේ යළි පදිංචිකරවීමේ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
14 මුල්ලිවායික්කාල්, කෝකිලායි ප්‍රදේශයේ ධීවරයින් සඳහා වන තොටුපලක් නිසි ස්ථානයක ඉදිකර දෙන මෙන්, ශ්‍රී ලංකා රජයේ ධීවර කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ යුතුයි.
 
15 දෙමළ තරුණ තරුණියන් වෙත, හමුදාව සිදුකරන ක්‍රියාකාරකම් විශේෂයෙන්, පුද්ගලයන් බඳවා ගැනීම මෙම සභාව හෙළාදකිනු ඇත.
 
16 යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ, සාහිත්‍ය පාඩම ප්‍රධාන පාඩමක් ලෙස නම්කර, සිසුන් දිරිමත් කළ යුතුය. මේ සඳහා වන ක්‍රමවේදයන් පළාත් සභාව ක්‍රියාත්මක කළ යුතුයි.
 
17 දෙමළ ජනතාවගේ ප්‍රධාන ස්ථානයන් සංචාරක කලාපයක් ලෙස, වෙනස් කිරීමට පළාත් සභාව අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි.
 
18 ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්ෂණයකට සහයෝගය ලබාදුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ නවනීදන් පිල්ලෙයි වෙත ස්තූතිය පළකිරීම.
 
19 ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිගෙන, ඡන්දය ලබාදුන් සියලු රටවලට ස්තූතිය පළකිරීම.
 
20 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරන රටවල් සහ අනෙකුත් රටවල්ද, මනුෂ්‍යත්වයට එරෙහි වරදවල් සම්බන්දයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිය යුතුයි.
 
21 ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ජනවාර්ගික ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කිරීම.
 
22 විදේශ රටවල ක්‍රියාත්මක වන දෙමළ සංවිධාන සහ පුද්ගලයන් තහනම් කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බවත්, එයට විසඳුමක් ලබාගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව ක්‍රියාමාර්ග ගතයුතු අතර, එම තහනම ඉල්ලා අස්කර ගත යුතුයි.
 
 

             




 
යෝජනා පිළිබද ඔබට සිතෙන දේ
 
Most Popular In News
Fearured
 
by 2010 www.lankatnews.com  | Home | Archives  |  Contact Us |