tnws

  Top Stories

ජනවාර්ගික ගැටළුවට එකම විසදුම ඒකාබද්ධ උතුරු නැගෙනහිරක්!


Sunday 15 March 2015 09.29AM

  ඒකාබද්ධ උතරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මාතෘ භූමිය වේ. ඒකාබද්ධ උතුරු නැගෙනහිර තුල ජනවාර්ගික ගැටළුවට විසදුමක් දැකිය හැකිය. ඉන්දු - ලංකා ගිවිසුමෙන් මෙය අවධාරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පැහැදිලි කර ඇත.

නිල සංචාරයක් සදහා 2015.03.13 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කර ඇත.

2015.03.13 වන දින 1800 පැයට පමණ කොළඹ ට්‍රාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ බව ප්‍රකාශ කර ඇත.

ජනවාර්ගික ගැටළුවට විසදුමක් දැකීමේදී, උතුරු නගෙනහිර ඒකාබද්ධ කිරීම ප්‍රධාන කරුණක් වේ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ඉන්දු - ලංකා ගිවිසුමට අනුව සකස් වී ඇත. නමුත්, මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් රජය විසින් එම ගිවිසුම අහෝසි කල නමුත්, උතුරු නැගෙනහිර යනු, දෙමළ ජනතාවගේ පාරම්පරික මාතෘ භූමිය වේ. එබැවින්, ජනවාර්ගික ගැටළුවට විසදුම් දැකීමේදී, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ප්‍රධාන කරුණක් වේ.

අවතැන් වූ ජනතාව ඔවුන්ට හිමි ඉඩම් වල යලි පදිංචි කල යුතුය. නමුත්, සුළු පිරිසක් මේ වනවිට යලි පදිංචි කරවා ඇත. 2015.03.13 වන දින සිට එම කටයුතු ආරම්භ කර ඇත. අනෙකුත් පිරිස කුමන දිනයක යලි පදිංචි කරාවිද? යන්න නොදන්නෙමි යනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත පැහැදිලි කල බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, අද මා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව හමුවී සාකච්ඡා කලෙමි. ඉඩම් සහ දේශපාලන රැදවියන් නිදහස් කිරීම පිළිබදව ඔහු ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත. ඔහු මට ලබාදුන් පොරොන්දු සම්බන්ධයෙන් මෙහිදී කතා කිරීමට අකමැත්තෙමි. නමුත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ධනාත්මක මානසිකත්වයක සිටිනු ඇතැයි මා විශ්වාස කරන්නෙමි.

මෙය නව රජයක් වේ. එබැවින්, ඔබලා ඔවුන්ට කාලය ලබාදිය යුතුය. දෙමළ ජාතික සන්ධානය ඉවසීමෙන් කටයුතු කල යුතුය. දෙමළ ජාතික සන්ධානය පසුගිය රජයන් සමග කටයුතු කලාමෙන්, මෙම රජය සමග කටයුතු නොකල යුතුය. එබැවින්, මෙම නව රජයට වෙනසක් සදහා වන බොහෝ අදහස් ඇත. එබැවින්, දෙමළ ජාතික සන්ධාන‍ය තම මූල උපායන් වෙනස් කරගත යුතුය. දෙමළ ජාතික සන්ධානයේ මූල උපායන් කමිටුව මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර, නව මූල උපායන් සහ උපක්‍රම සකස් කල යුතුය. එවැනි උපක්‍රම පදනම් කරගෙන, දෙමළ ජාතික සන්ධානය නව රජය සමග සාකච්ඡා කල යුතුය. ජනවාර්ගික ගැටළුව සදහා වන විසදුම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට ඉන්දියාවේ සහයෝගය නිරතුරුව ලැබෙනු ඇත යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව පිළිබද ඔබලාට විශ්වාසයක් තිබෙනවාද? යනුවෙන් අගමැතිවරයා විමසූ අවස්ථාවේදී, එයට දෙමළ ජාතික සන්ධානය ඔව් යනුවෙන් පිලිතුරු දී ඇත.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ආර්.සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෙයික්කලනාදන් සහ සුමන්දිරන් යන අය සහභාගි වූ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක උපදේශක ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |