tnws

  Top Stories

අගමැති නරේන්ද්‍ර මෝදි යාපනය ජනතාවට දුන් පොරොන්දුව


Sunday 15 March 2015 08.55AM

  දින 02ක නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යාපනයේ සංචාරය කර ඇත.

යාපනට පැමිණි අවස්ථාවේදී, අමුතු හැගීමක් දැණුනු බවත්, යාපනයේ නව පිබිදීමක් දැකගැනීමට තිබුණු බවත් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. යාපනයේ මහජන පුස්තකාලයේ කලා සංස්කෘතික ශාලාව ඉදිකිරීමට මුල්ගල තැබීමේ වැඩසටහනට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු ‍මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භෞතික සම්බන්ධතා පමණක් නොව, සංස්කෘතික වශයෙනුත් එක්වී ඇති බව සියළුදෙනා දන්නා කරුණකි. යාපනයේ මහජන පුස්තකාලයේ සංස්කෘතික ශාලාවේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තැබීම සම්බන්ධයෙන් මා සතුටට පත්වන්නෙමි. යාපනයේ ඉදිකිරීමට යන මෙම සංස්කෘතික ශාලාව මගින් ඉතාමත් පැරණි අන්තර්ගත සංස්කෘතික කරුණු හදුන්වාදීමට හැකිවනු ඇත.

යාපනයේ ඇති මහජන පුස්තකාලය ලොව ඉතාමත් විශාලතම පුස්තකාලය ලෙස තිබූ අතර, එහි පොත්පත් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් තිබුණි. පසුගිය කාලයේ එයට ගිනිතබා විනාශ කරන ලදි. විනාශ වූ පොත්පත් ලබාදීමට ඉන්දීය රජය කටයුතු කරන්නෙමු. සුප්‍රසිද්ධ සහ වැදගත් පොත්පත් ලබාදෙන්නෙමු. පුස්තකාලයක් යනු, සියළුදෙනා ඒකරාශී කරන ස්ථානයක් වේ. ආරම්භ කල වැඩපිළිවෙල බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් සිදුකර අවසන් කරන්නෙමු.

යාපනයේ ඉදිකල නිවාස යෝජනා සැලැස්ම, නිවාස නොමැති පුද්ගලයින්ට ආරක්‍ෂාකාරී යහපත් ජන ජීවිතයක් ගතකිරීමට හැකිවනු ඇත.

තලෙයිමන්නාරම් දුම්රිය ගමනා ගමනය ආරම්භ කර තිබීම, යාපනයේ මහජන පුස්තකාලයේ සංස්කෘතික ශාලාවට මුල්ගල තැබීම සහ නිවාස යෝජනා සැලැස්ම විවෘත කර තැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙන්නෙමි යනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත.

එම වීඩියෝව :

තමිල්වින් වෙබ් අඩවිය
  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |