tnws

  Top Stories

ඒකාබද්ධ ෆෙඩරල් පාලනයක් නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත


Saturday 14 March 2015 08.42AM

  වැඩි බලතල ලබාදීමට හැකි ඒකාබද්ධ ෆෙඩරල් පාලනයක් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළුවට විසදුමක් ලෙස ලබාදීමට හැකි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙමළ ජාතික සන්ධානයට ප්‍රකාශ කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, මෙම කරුණ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කර කතා කර ඇත. ඔහුව හමුවූ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ටත් ඒ බව අවධාරණය කර ඇත යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී ගුවන් විදුලි සේවයට ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ ප්‍රාන්තයක මහ ඇමතිවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කල පුද්ගලයෙකු වශයෙනුත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ලෙස වසරක පමණ කාලයක් කටයුතු කරමින් සිටින පුද්ගලයෙකු වශයෙනුත් තම අත්දැකීම් වලට අනුව මේ බව ප්‍රකාශ කරන්නෙමු යනුවෙන් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කල බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
madman -Shut up and go home! How dare you dictate to an independent country !! None of your bloody business, jose.
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |