tnws

  Top Stories

‘No Fire Zone’ වාර්ථාමය චිත්‍රපටයේ සිංහල පිටපත ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟවී නොමැත - කැල්ලම් මැක්රේ


Friday 13 March 2015 02.55PM

  තමා අධ්‍යක්‍ෂණය කළ ‘No Fire Zone’ වාර්තාමය චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසර ලබාදෙන මෙන් චැනල් - 4 නාලිකාවේ අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්රේ, ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඝෝෂා නගමින් ඉල්ලීමක් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඇතුළු නියෝජිත කණ්ඩායම නො:10 ඩවුනි විදීයේ පිහිටි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී, අග්‍රාමාත්‍ය ඩේව්ඩ් කැමරන් හමුවී සාකච්ඡා කර, එම ස්ථානයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

එම අවස්ථාවේදී, ‘No Fire Zone’ චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසරය ලබාදෙන මෙන් කැල්ලම් මැක්රේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරමින්, එම චිත්‍රපටයේ සිංහල පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදී, බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂක නිලධාරීන් විසින් එය වළක්වා ඇත.

ඉන් අනතුරුව, මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ කැල්ලම් මැක්රේ, “තම චිත්‍රපටයේ සිංහල පිටපත ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ නොවුනේය” යනුවෙන් කැල්ලම් මක්රේ ප්‍රකාශ කර ඇත.
  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
 
             

 
 
© by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |