tnws

  Top Stories

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසදුමක් නොවේ!


Friday 13 March 2015 09.58AM

  13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රමවේදය වෙනුවට යහපත් බලය බෙදීමේ ක්‍රමයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍ය කාලය උදාවී ඇත යනුවෙන් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව ඉන්දීය මාධ්‍යයකට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මිත්‍රයෙකු වශයෙන් මා හොදින් දන්නෙමි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය ප්‍රශංසා කලයුතු කරුණක් වේ. අඛණ්ඩව පවතින දෙමළ ජනතාවගේ ගැටළු වලට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවසන් විසඳුම නොවන බව පෙන්වාදී ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1987 වර්ෂයේ අත්සන් තැබූ ගිවිසුමට අනුව, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කර ඇත. උතුරු නැගෙනහිර පළාත් වලට වැඩි බලතල ලබාදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමයක් පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කල යුතුය යනුවෙන් සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, දින 03ක නිල සංචාරයක් සදහා 2015.03.13 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, 2015.03.14 වන දින යාපනයේ සංචාරය කිරීමට නියමිතව තිබීම විශේෂත්වයකි.
  Related Videos
   Add comment
ඉහතින් පලවන පුවත ගැන ඔබට හිතෙන දේ මෙය බලන අනෙක් අයට කියන්න මෙහි සටහන් කරන්න.... Admin ගේ අනමතිය ලද පසු සියල්ල මෙහි සටහන් කරනු ඇත.
 
Name
Email
Comments

                                     

 
 
  Recent Comments
raawana -Yes, 13th amendments is not a solution. It should be abolished.There is no need of any provincial councils in Sri Lanka.It is the right time to correct the mistake done by JR-Rajeeve Accord signed in 1987.
 
             

 
 
by 2014 Batti24News  | Home | Photo Gallery  | Archives  |  Contact Us |