ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් අනතුරුව මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ජයවික්‍රමගම මහවැලි සිංහපුර ඉසුරු ජයනාත් බණ්ඩාර යන දරුවකු බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා, මෙම දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේදී දරුවා නිවස පිටුපස තිබෙන කෙත්තලට වැටීම් කිලෝමීටර් දෙකක් පමණ දුරටත් ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවයකයකු දරුවෙකු ගසාගෙන යන අයුරු දැක පිරිසක් එක්ව එම දරුවා ගොඩ ගෙන හදිසි ගිලන් රථ සේවය මගින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ.

එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර වැඩිමල් සොයුරිය මුළුතැන් ගෙයි වැඩකරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකෙරු වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

චමරි අතපත්තු කාන්තා එක්දින පිරිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ පෙරමුණට..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායක චමරි අතපත්තු නැවතත් එක්දින කාන්තා පිතිකරු ශ්‍රේණිගතකිරීමේ පෙරමුණට පැමිණ තිබේ.

අඟහරු වෙත යන්න තෝරාගත් අපේ විද්‍යාඥවරිය

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නව පර්යේෂණ කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 

විදුලි පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය සමිති නඩු මගට..

පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ විදුලි බල පනත් කෙටුම්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි වෘත්තීය සමිති පවසයි.

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා දෙවැනි වරටත් අඩාලයි..

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබේ. 

ඒ වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් ඒ සඳහා නොපැමිණීම හේතුවෙන් ය.

Description of the image

Hot News

Political

Gossip

Sports

Popular post